Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th August 2023 15:23:41 Hours

කරුවලගස්වැව, තබ්බෝව රක්‍ෂිතයේ ඇති වූ ගින්නක් මැඩපැවැත්වීමට යුද්ධ හමුදාවේ දායකත්වය

කරුවලගස්වැව, තබ්බෝව රක්‍ෂිතයේ පසුගිය සිකුරාදා (අගෝස්තු මස 11) දින සන්ධ්‍යාවේ හටගත් ලැව්ගින්නක් මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 143 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 16 ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.

දිස්ත්‍රික් වන සංරක්‍ෂණ නිලධාරිතුමන් විසින් ගින්න පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව 16 ගජබා රෙජිමේන්තුවේ නිලධාරියෙක් සහ සෙසුනිලයින් 30 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩිනමින් එම ස්ථානය වෙත ගොස් ඒ වනවිටත් අක්කර 200 ක භූමි ප්‍රමාණයක් තුළ ගින්න පැතිරී තිබූ අතර ගිනි නිවන හමුදාව සහ පළාත් පාලන ආයතනවල සාමාජිකයින්ගේ සහයෝගය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර හා 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 143 පාබල බලසේනාවේ බලසේනාධිපති හා 16 ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම ගින්න මැඩපැවැත්වීමේ කටයුතු සිදුකෙරිණි.