Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

18th August 2023 15:02:23 Hours

නික්ම යන ආඥාපතිතුමන් හට ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) භට පිරිස් ආචාර පුද කරති

ආරක්‍ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති ලෙස රාජකාරි කල මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2023 අගෝස්තු මස 15 වන දින නික්ම යෑම නිමිත්තෙන් ආසේමු (බටහිර) විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් හා විශේෂ වැඩසටහනක් පවත්වන ලදී.

නික්ම යන ආරක්‍ෂක සේනා(බටහිර) ආඥාපති තුමන් හට විශේෂ ප්‍රභුසම්මාන ආචාර මුරයක් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ භට පිරිස් විසින් ලබාදීමෙන් අනතුරුව නික්ම යන ආඥාපතිවරයාට සහ ඔහුගේ අණ යටතේ සේවය කරනු ලැබූ නිලධාරීන් හට අමතක නොවන මතකයක් සනිටුහන් කරමින් සමූහ ඡායාරූපයකට සහභාගී වූ අතර ඉන් පසු තේ සහ පැන් සංග්‍රහයටද එතුමන් සහභාගී විය.

පසුව, මේජර් ජෙනරාල් පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සර්ව සියළු නිළ දිවා භෝජන සංග්‍රහයකට එක්වෙමින් භට පිරිස් අමතමින්, තම සේවා කාලය තුළ ඔවුන් කළ වටිනා සේවයට කෘතඥතාව පළ කළේය.

අනතුරුව, ඔහුගේ විශිෂ්ට නායකත්වය සහ කැපවීම අගය කිරීමේ සංකේතයක් ලෙස සමරු තිළිණ ප්‍රදානය කරන ලදී. නික්ම යන ආඥාපතිවරයා වෙත කෘතඥතාව සහ ගෞරවය නිරූපනය කරමින් සහ රාජකාරිය සඳහා ඔහුගේ කැපවීම අගය කරමින් එම සංකේතාත්මක අභිනයන් ප්‍රධානය කරන ලදී.

එදිනම සවස ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) නිලධාරී නිවස්න පරිශ්‍රයේදී, නික්ම යන ආඥාපතිවරයා හට උපහාර පිණිස සම්ප්‍රදායික සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පාබල සේනාංක, පාබල බලසේනා සහ ඒකකවල නිලධාරීන් විසින් පිරිනමන ලදී.

මීට අමතරව, බටහිර ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස සිය ධූරයෙන් නික්ම යාමට පෙර ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති සේනාංක, බලසේනා සහ බලඇණි වෙත ගොස් භට පිරිස් ඇමතීය.

මෙම දින වැඩසටහන සඳහා 14 වන පාබල සේනාංකයේ නියෝජ්‍ය සේනාංකාධිපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ.