Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 17:43:24 Hours

රත්නපුර කනදොල කුණු කන්දේ ගින්න මැඩපැවැත්වීමට ආරක්‍ෂක සේනා (බටහිර) සහය

රත්නපුර, මුද්දුව නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කනදොල කුණු කන්දේ 2023 අගෝස්තු මස 06 වැනි දින මධ්‍යම රාත්‍රි‌යේ හදිසි ගින්නක් ඇති විය. මෙම හදිසි අවස්ථාව ප්‍රදේශවාසීන්ට සහ පරිසරයට ත ර් ජනයක් වූ බැවින් රත්නපුර නාගරික කොමසාරිස්වරයා සහ රත්නපුර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ නිලධාරි විසින් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඉල්ලා සිටියේය.

ඒ අනුව 2023 අගෝස්තු මස 07 වන දින අලුයම ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම යටතේ 8 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරියා සමඟ, නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් පනස් දෙනෙකුද එම ස්ථානයට කඩිනමින් පැමින ගින්න නිවා දැමිමට සහයෝගය ලබා දෙන ලදි.

මෙහිදී , රත්නපුර මහ නගර සභාවේ සහ රත්නපුර ගිනි නිවන ඒකකයේ කාර්ය මණ්ඩලයේ පිරිස් සහ යුද හමුදා භට පිරිස් එක්ව කාර්යක්ෂමව පැය හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ ගින්න සා ර් ථකව නිවා දැමීමට කටයුතු කරන ලදි.

තවද , යුද හමුදා භට පිරිස්ගේ පුහුණුව සහ ප්‍රවීණත්වය නිසා මෙම ගින්නට සා ර් ථකව මුහුණ දීමට ඔවුන්ට හැකි වූ අතර, මහජන ආරක්ෂාව සඳහා ඔවුන්ගේ කැපවීම සහ අනෙකුත් අදාළ බලධාරීන් සමඟ වැඩ කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරයි.