Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 17:37:22 Hours

සෙල්වකන්ද ප්‍රදේශයේ ඇති වූ ලැව් ගින්නක් යුද්ධ හමුදා භට පිරිස් සහය මගින් මැඩපැවැත්වේ

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 613 පාබල බලසේනාවට අයත් 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් 2023 අගෝස්තු මස 6 වන දින දෙනියාය, විහාරහේන, සෙල්වකන්ද අවට ප්‍රදේශයේ හටගත් ලැව්ගින්නක් සම්පූර්ණයෙන් මැඩපැවැත්වීමට භට පිරිස් සමත් විය.

එමෙන්ම අදාල පුවත ලැබීමත් සමඟ යුද හමුදා භට පිරිස් කඩිනමින් ක්‍රියාත්මක වී විපතට පත් ප්‍රදේශයට පැමිණ පැය දෙකක් වැනි කෙටි කාලයක් තුළ ගින්න නිවා දැමීමට සමත් විය.

තවද මේ සදහා ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් පරිදි 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ මගපෙන්වීම මත 3 (සෙවි) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිළධාරී තුමන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා භට පිරිස් සහය ලබාදෙන ලදී.

තවද, මෙම ක්‍රියාන්විතයට යුධ හමුදා සාමාජිකයින් දැක්වූ කඩිනම් ක්‍රියාමා ර් ග පිළිබඳව ප්‍රදේශයේ ගම්වාසීන්ගේ ඉමහත් පැසසුමටද ලක් විය.