Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th August 2023 17:21:24 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් විසින් ඩෙංගු මර්ධන වැඩ සටහනක් සඳහා සහය

2023 අගෝස්තු 03 සිට 05 දක්වා ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති 142 පාබල බලසේනාව යටතේ පාලනය වන කොට්ටාශ මුල 08 ක යුද හමුදා සාමාජිකයින් විසින් ඩෙංගු මර්දන ව්‍යාපාරයකට සක්‍රීයව සහභාගී වෙමින් මහජන ආරක්ෂාව සඳහා වූ ඔවුන්ගේ කැපවීම ප්‍රදර්ශනය කළහ.

පවතින ඩෙංගු වසංගතයට එරෙහිව සටන් කිරීමේ අරමුණින් අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම ව්‍යාපෘතිය පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක විය. යුද හමුදා සාමාජිකයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) සහ පොලිස් නිලධාරීන් සමඟ බාධාවකින් තොරව සහයෝගයෙන් කටයුතු කරන ලදි. තවද, පිරිසිදු පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වීම සහ එකතැන පල්වෙන ජල මූලාශ්‍ර ඉවත් කිරීමට සහාය වීම ඔවුන්ගේ මූලික වගකීම් විය.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති ගේ උප‌ෙදස් පරිදි 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් විසින් මෙම වැඩසටහන සමීපව අධීක්ෂණය කරන ලදී.