Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

28th July 2023 14:48:59 Hours

‘මයිකල් වාස් සහ හනීතමිල් එල්ලේ තරඟාවලිය -2023’ ජයග්‍රහණය යුද්ධ හමුදාවට

මාරවිල ප්‍රදේශයේ පැවති ‘මයිකල් වාස් සහ හනීතමිල් එල්ලේ තරඟාවලිය -2023’ දි තරඟවැදුනු ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායමේ ක්‍රීඩකයින් ප්‍රතිවාදී බරුදැල්පොත ක්‍රයිස්ට් කිංග්ස් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායමට එරෙහිව අවසන් මහා තරගයේදී ලකුණු 12 ක් රැස්කරගත් අතර ජූලි මස 8 සිට 16 දින දක්වා තොඩුවාව ගෝල්ඩන් බීච් ක්‍රීඩා සමාජ කණ්ඩායම සමඟ පැවති පළමු වටයේ ජයග්‍රහණය හිමිකරගත්හ.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් 16 ක් සහභාගි වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම අවසන් පූර්ව වටයේදී වදුරඹ ශාන්ත ආනා ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණය තහවුරු කළහ. අවසන් මහා තරගයේදී බරුදැල්පොත ක්‍රයිස්ට් කිංග් එල්ලේ කණ්ඩායම තියුණු තරඟයක නිරත වූ නමුත් ඔවුන්ට රැස්කරගැනීමට හැකිවූයේ ලකුණු 4 ක් පමණි.

තරගාවලියේ වීරයා මෙන්ම දක්‍ෂතම පිතිකරුවාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ කෝප්‍රල් ඩබ්ලිව්.ඒ.ඩී. අවිශ්ක විසින් දිනාගත්හ. එල්ලේ තරඟාවලියේ දක්‍ෂතම ධාවකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ සාමාන්‍ය සෙබල කේ.ඒ.එල්. මධුශංක තේරී පත්විය.

තරඟාවලියේ වීරයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංඥා බලකායේ ලාන්ස් කෝප්‍රල් පී.ඩී.එන්. සම්පත් සම්මාන දිනාගත් අතර අවසන් මහා තරඟයේ දක්‍ෂතම පිතිකරු ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාන්‍ය සෙබල කේ.ඒ.ආර්.පී.කේ. පෙරේරා තේරීපත් විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා එල්ලේ කණ්ඩායම සාමූහිකත්වය, කැපවීම සහ පුහුණුව විදහාදක්වමින් අවසන් මහා තරඟයේ ජයග්‍රහණය තහවුරු කරනු ලැබීය.