Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 16:50:45 Hours

144 පාබල බලසේනාව කැලණිය රජ මහා විහාරයේ ‘කිරි අම්මාවරුන්ගේ දානයක්’ සඳහා සහය වේ.

කැලණිය රජමහා විහාරස්ථානයේ දී මව්වරුන් 1000ක් පමණ උදෙසා ‘කිරි අම්මා දානයක්’ පැවැත්වීමට 2023 ජූලි 08 වැනි දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 144 පාබල බලසේනාවට අයත් 2 (v) ශ්‍රී ලංකා පාබල හමුදාව් යුධ හමුදා සාමාජිකයින් සිය ශ්‍රම දායකත්වය ලබා දෙන ලදී.

මෙම ව්‍යාපෘතිය රජයේ බලධාරීන් කිහිප දෙනෙකු විසින් සංවිධානය කරන ලද අතර, යුද හමුදා සාමාජිකයින් දානය පිළියෙළ කර මව්වරුන් අතර බෙදා හැරීමෙන් ව්‍යාපෘතියට සහාය වූහ.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිගේ උපදෙස් පරිදි මෙම උදාර ව්‍යාපෘතියට 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයා සහ 2 (v) ශ්‍රී ලංකා සැහැල්ලූ පාබල බළඇණියේ අණදෙන නිලධාරිගේ පූර්ණ අධීක්ෂණය යටතේ විසින් මෙම අවස්ථාව සඳහා යුද හමුදාවේ සහය ලබාදෙන ලදී.

තවද, මෙම උදාර ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම සහ උත්සාහය රජයේ බලධාරීන්ගේ සහ උත්සවයේ සංවිධායකයින්ගේ ඉමහත් ඇගයීමට ලක් විය.