Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 12:39:12 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාන්‍ය සේවා බලකායේ නව බළකාධිපති පොදු සේවා බලකා මුලස්ථානයේ සංචාරයක නිරත විය.

ආරක්ෂක සේනා(බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 ජූනි 08 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ 16 වන බළකාධිපති ලෙස වැඩ භාර ගන්නා ලදී. ඔහුගේ නව කාර්යභාරයේ කොටසක් ලෙස 2023 ජූනි 21 දින සහ 2023 ජූලි 04 දින පනාගොඩ යුධ හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර මේජර් ජෙනරාල් ඩීඑම්කේඩීබී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්ඒස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ සොල්දාදුවන් අතර විනය සහ වෘත්තීයභාවයේ වැදගත්කම අවධාරණය කරන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ සාරධර්ම සහ සම්ප්‍රදායන් ආරක්ෂා කරමින් උසස්ම චර්යා ප්‍රමිතීන් පිළිපැදීමේ අවශ්‍යතාවය සියලුම නිලයින්ගේ අවශ්‍යතාවය බව ඔහු අවධාරණය කළේය.

නව බළකාධිපති විසින් පිරිසිදු හා මනාව සංවිධානය වූ කඳවුරු පරිසරයක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද අවධාරණය කරන ලදී. උ ගබඩා, නවාතැන්, මුළුතැන්ගෙයි පරිශ්‍රය, අවි ගබඩාව ඇතුළු සියලුම ප්‍රදේශ ඉහළම ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමට වගබලා ගන්නා ලෙස ඔහු වගකිවයුතු නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින පහසුකම් පරීක්ෂා කිරීමට අමතරව බළකාධිපති තුමන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා මූලස්ථානයේ යටිතල පහසුකම් පුළුල් කිරීමේ සැලසුම් පිළිබඳව ද සාකච්ඡා කරන ලදී. වැඩිදියුණු කිරීමට අවශ්‍ය ක්ෂේත්‍ර හඳුනා ගැනීමටත් කඳවුරේ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නව්‍ විසඳුම් යෝජනා කිරීමටත් ඔහු නිලධාරීන් දිරිමත් කළේය.

නව බළකාධිපති තුමන් ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා මූලස්ථානය වෙත පැමිණීම එහි නිළධාරීන් සහ සෙසු නිලයින් විසින් සාධනීය වර්ධනයක් ලෙස සලකන ලදී. ඔවුන්ගේ බළකාධිපති සමඟ අන්තර් ක්‍රියා කිරීමට, ඔවුන්ගේ ගැටළු සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ කාර්ය සාධනය වැඩිදියුණු කර ගන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ ලබා ගැනීමට එය ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නේය.