Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 10:38:26 Hours

යුද්ධ හමුදා භටපිරිස් මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ දරුවන් වෙත දිවා භෝජන සංග්‍රහයක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 පාබල සේනාංකයේ 613 පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායේ සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් ගාල්ල සම්බෝධි නිවාසයේ නේවාසිකව සිටින විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 56 දෙනෙකු සඳහා දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීය.

සිවිල්-හමුදා සහයෝගීතා ව්‍යාපෘතියෙහි තවත් එක් වැඩසටහනක් ලෙස එම ඒකකයේ සියලුම යුද්ධ හමුදා භටපිරිස් සාමූහිකව මෙහිදී සහයෝගය ලබාදුන්හ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ සහ 2 (සෙව්) ගැමුණු හේවා බළකායේ අණදෙන නිලධාරිගේ අධීක්‍ෂණය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

දිවා භෝජන සංග්‍රහයෙන් පසුව එම දරුවන්ට තෑගි බෙදා දීමක්ද සිදුකරන ලද අතර, උත්සව අවස්ථාව අතර තුර යුද්ධ හමුදා වාදක කණ්ඩායමක් විසින් එම දරුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් සංගීත රසාස්වාදනයද ලබාදුන්හ. උත්සවය සඳහා 613 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ සම්බෝධි නිවාසයේ කාර්යය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ.