Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th July 2023 10:27:17 Hours

141 පාබල බළකාය රථ වාහන අනතුරු වැලැක්වීම පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරයි

මාර්ග අනතුරු යුද හමුදාව තුළ නිරන්තර ගැටලුවක් බවට පත්ව ඇති අතර, මේ සදහා ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 14 වන පාබල සේනාංකයට අයත් 141 පාබල බලසේනාව විස්න් 2023 ජුනි 28 වන දින "රථවාහන අනතුරු වැළැක්වීම" යන මාතෘකාව යටතේ එක්දින වැඩමුළුවක් ඒම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.

මෙම වැඩමුළුව යුද හමුදා පොලිසියේ හමුදා සාමාජිකයින් විසින් පවත්වන ලද අතර, මාර්ග අනතුරු සඳහා දායක වන ප්‍රධාන සාධක පිළිබඳව ආලෝකය විහිදුවාලීම සහ අනතුරු වළක්වා ගැනීම සඳහා උපාය මාර්ග සමඟ සහභාගිවන්නන් දැනුවත් කිරීම අරමුණු කර ගෙන සිදු කරන ලදී.

එමගින්, මාර්ග අනතුරු සඳහා බලපාන ප්‍රධාන සාධක, මාර්ග නීති රීති පිළිපැදීමේ වැදගත්කම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් මෙම වැඩමුළුවේදී අවධාරණය කෙරිණි.

මීට අමතරව, වැඩමුළුවේදී, වේග සීමාවන් අනුගමනය කිරීමේ වැදගත්කම, ආසන පටි පැළඳීම සහ රිය පැදවීමේදී ජංගම දුරකථන භාවිතයෙන් වැළකී සිටීමේ වැදගත්කම පිළිබඳව සහභාගිවන්නන් දැනුවත් කල අතර, නොසැලකිලිමත් ලෙස රිය පැදවීමේ ප්‍රතිවිපාක සහ එය තම ජීවිතයට මෙන්ම අන් අයගේ ජීවිතවලට ඇති කළ හැකි බලපෑම පිළිබඳව ද ඔවුන් දැනුවත් කරන ලදී.

මෙම වැඩමුළුවේදී 141 පාබල බලසේනා මූලස්ථානය, 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, මධ්‍යම අවි සහ පතොරම් ගබඩාව, යුධ හමුදා රෙදිපිලි ගබඩාව, යුධ හමුදා ආඥාපනත කර්මාන්තය, 15 වන ක්‍ෂණික ප්‍රතිචාර කණ්ඩායම සහ අංශ නිලධාරීන් ඇතුළු 160 කට අධික යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී විය.

තවද, මෙම වැඩමුළුව යුද හමුදා මූලස්ථානයේ උපදෙස් මත සහ ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිවරයාගේ උපදෙස් මත මෙන්ම 141 පාබල බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ සංවිධානය කර ඇත.