Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd June 2023 12:10:00 Hours

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකා වනිතා ඒකකයේ නව සභාපතිනිය වැඩ භාර ගනී

ශ්‍රී ලංකා පොදු සේවා බළකායේ බළකාධිපති වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යන ජ්‍යේෂ්ඨ නිලධාරි තුමන් ගේ බිරිඳ වන හිමාලි පුස්සැල්ල මහත්මිය 2023 ජුනි මස 21 දින දී ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ඒකකයේ 16 වැනි සභාපතිනිය ලෙස ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී වැඩ භාර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය ලෙස වැඩ භාර ගැනීමට පෙර එතුමිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස කටයුතු කළ අතර, හිමාලි පුස්සැල්ල මහත්මිය හමුදා පවුල් මුහුණ දෙන සුවිශේෂී අභියෝග පිළිබඳව අවබෝධයක් ලබා ඇති බැවින්, එතුමිය යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ලෙස කටයුතු කළ කාලය තුළ හමුදා පවුල්වල අවශ්‍යතා සහ ඔවුන් හට සහයෝගය ලබාදිය යුතු ආකාරය පිළිබඳ වටිනා අවබෝධයක් ලබා ගෙන.

ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ සේවා වනිතා ඒකකය අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවක පුස්සැල්ල මහත්මියගේ මෙම පත්වීම සිදු වූ අතර, යුධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට අවශ්‍ය සහය සහ උපකාර ලබාදීම සේවා වනිතා ඒකකයේ කාර්යභාරය ද වන අතර, මෙම අත්‍යවශ්‍ය සේවාව ඵලදායි ලෙස ලබාදීමට පුස්සැල්ල මහත්මියගේ නායකත්වය තීරණාත්මක වනු ඇත.

පුස්සැල්ල මහත්මියගේ පත්වීම සනිටුහන් කිරීමේ උත්සවය සදහා ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බළකායේ සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඇතුළු පුද්ගලයින් රැසක් සහභාගී විය. තවද, පනාගොඩ විරු කැකුළු පෙර පාසලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාව ලෙසද හිමාලි පුස්සැල්ල මහත්මිය කටයුතු කරයි.