Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

22nd June 2023 15:22:37 Hours

මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ වැඩමුළුවක් සිදුකරයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 143 වන පාබල බලසේනාවට අයත් 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය පිළිබඳ තෙදින වැඩමුළුවක් 2023 මැයි 16, 17, සහ 18 යන දිනවල 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක කඳවුරු පරිශ්‍රයේ දී සංවිධානය කරන ලදී.

මෙම වැඩමුළුව මෙහෙයවන ලද්දේ මේජර් ආර්.එම්.සී.එම්.සිරිවර්ධන, කපිතාන් කේ.එච්.එන්.විජේපාල, වාරියපොළ පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.වසන්ත යන නිලධාරින් විසිනි. මෙම වැඩමුළුව මගින් මානව ගරුත්වය, වෙනස්කම් නොකිරීම සහ මිනිස් ජීවිතයට ගරු කිරීම යන මූලධර්ම ඇතුළුව මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියේ අංශ කිහිපයක් කෙරෙහි අවධානය යොමු කරන ලදී. සන්නද්ධ ගැටුම් වලදී ජාත්‍යන්තර මානුෂීය නීතියේ කාර්යභාරය මෙන්ම යුද සිරකරුවන්ගේ සහ යුද්ධයේ දී සිවිල් වැසියන්ගේ අයිතිවාසිකම් වැනි මාතෘකාවන් ද ඇතුලත්ව වැඩමුළුව පවත්වන ලදී.

ඒමෙන්ම මෙම වැඩමුළුව හරහා සහභාගිවන්නන් මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය සම්බන්ධයෙන් තම වගකීම් සහ වගවීම් පිළිබඳව මනා අවබෝධයක් ලබා ගත්හ. විශේෂයෙන්ම රට තුල හදසි අවස්ථා වලදී ආරක්ෂාව සැපයීමට සහ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට දායක වීමේදී අවශ්‍ය මූලධර්ම සහ ඔවුන්ගේ එදිනෙදා රාජකාරි කටයුතු වලදී මෙම මූලධර්ම අදාළ කර ගැනීමට අවශ්‍ය දැනුම ඔවුන් හට ලබා ගත්හ.

තවද, මේ සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ඇතුළු ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ 100කට අධික භට පිරිසක් සහභාගි විය.