Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

14th June 2023 16:40:00 Hours

බටහිර භට පිරිස් තවත් දැනුවත් කිරීමේ වැඩමුළුවකට සහාය වෙති

වයඹ අභ්‍යාස ආයතනය, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සහ 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායෙහි යුදධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගීතාවයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මීගහකොටුව රැදවුම් බාළිකා ළමා නිවාසයෙහි පදිංචි ළමුන් 70 දෙනෙකු හට හරිත නියමුවෝ හෙට ලොව දකිනා සිසු පරපුර ආහාර සුරක්‍ෂිතතාවය සඳහා දායක කරගැනීම උදෙසා කෘෂිකා ර් මික හා නායකත්ව වැඩමුළුවක් 2023 ජුනි 10 වන දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙහිදී යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ශාරීරික පුහුණු උපදේශකයින් ලබා දුන් අතර සිසුන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව සැසි පවත්වන ලදී. එහිදී නායකත්ව ගුණාංග, ලෝක ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සහ හරිත කෘෂිකර්මය යනාදිය සම්බන්ධයෙන් එම සිසුන්ට වටිනා දැනුමක් ලබා ගැනීමට හැකි විය. මෙම වැඩමුළුව ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිගේ උපදෙස් ඇතිව, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම යටතේ, 143 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරීගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩමුළුව පවත්වන ලදී. මෙම වැඩසටහනෙහි කොටසක් වශයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෝන්වැව මහා විද්‍යාලයේ සහ ආ ර් ජි සේනානායක මහා විද්‍යාලයේ (ජාතික පාසලේ) සිසුන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මෙවැනිම වැඩමුළුවක් 2023 මැයි මස 27 වැනි දින පවත්වන ලදී. තවද, මෙම වැඩමුළුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් සම්බන්ධ කර ගැනීමෙන් සිවිල් ප්‍රජාවට සේවය කිරීමට සහ තරුණ පරම්පරාවට යහපත් අනාගතයක් ප්‍ර ව ර් ධනය කිරීමට යුද්ධ හමුදා සාමාජිකයින්ගේ කැපවීම පෙන්නුම් කරයි.