Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th June 2023 09:00:00 Hours

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) භට පිරිස් ගාල්ල ප්‍රදේශයේ ශ්‍රමදාන වැඩසටහනක් සදහා දායකත්වය ලබාදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ පාලනය වන 613 පාබල බලසේනා මුලස්ථානයට අයත් 14 (සෙවි ) ගැමුණු හේවා බළඇණියේ සෙබළුන් ගාල්ල ප්‍රදේශයේ ඩෙංගු වසංගතය මැඩලීමේ අරමුණින් ක්‍රියාත්මක ශ්‍රමදාන වැඩටහනක් සඳහා 2023 ජුනි මස 05 වන දින එක්විය. මෙම වැඩසටහන ගාල්ල වරාය අවට සිදුකරනු ලැබු අතර මේ සදහා වරාය සේවකයින්, බෝට්ටු හිමිකරුවන්, ධීවර පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිස් නිලධාරීන් සහ වෙරළාරක්ෂක නිළධාරින් ඇතුළු විවිධ පාර්ශව කරුවන් පිරිසක් සහභාගී විය.

අදාළ බළධාරින්ගේ ඉල්ලීම මත සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය (බටහිර) අනුමැතිය ඇතිව මෙම ව්‍යාපාරය සඳහා යුධ හමුදා සෙබළුන් 25 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම ඩෙංගු මර්ධන වැඩසටහන සදහා දායකත්වය ලබාදෙන ලදී.

තවද, මදුරැවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට අමතරව, සහභාගිවන්නන් විසින් වරාය පරිශ්‍රයේ අවට ප්‍රදේශය ද පිරිසිදු කරන ලදී. ඒමගින් ජලය එකතු වී මදුරුවන් බෝවන ස්ථානයක් බවට පත් විය හැකි කැළිකසල කොටස් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුවිය.

මෙම ව්‍යාපෘතිය සදහා යුධ හමුදා භට පිරිස් සහය ආරක්‍ෂක සේනා(බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්, 613 බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 14 (සෙවි ) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවිය.