Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

01st June 2023 15:50:45 Hours

බටහිර භට පිරිස් "හරිත නියමුවෝ" වැඩමුළුව මෙහෙයවීමට සහාය වෙති

වයඹ අභ්‍යාස ආයතනය සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ සමඟ එක්ව “හරිත නියමුවෝ” තේමා කරගත් වැඩමුළුවක් පසුගියදා 2023 මැයි 27 වැනි දින වාරියපොළ වයඹ අභ්‍යාස ආයතන පරිශ්‍රයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ කෝන්වැව මහා විද්‍යාලය සහ R.G.සේනානායක මහා විද්‍යාලයේ සිසුන් 70කගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

හරිත කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සාර්ථක නායකයින් බවට පත්වීමට අවශ්‍ය කුසලතා සහ දැනුමෙන් සිසුන් සන්නද්ධ කිරීම සඳහා මෙම වැඩමුළුව සැලසුම් කර ඇත. 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් විසින් ශාරීරික පුහුණු උපදේශකයින් ලබා දුන් අතර න්‍යායාත්මක සහ ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව සැසි පවත්වන ලදී. සිසුන්ගේ නායකත්ව කුසලතා වර්ධනය කර ගැනීමටත් හරිත කෘෂිකර්මය පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීමටත් මෙම ක්‍රියාකාරකම් ඉතා ප්‍රයෝජනවත් විය.

වැඩමුළුවේදී, ආහාර සුරක්ෂිතතාව, කාලගුණික විපර්යාස, පොහොර යෙදීම, ජලය දැමීම, හිරු එළිය සාධක, ගෝලීය ආහාර සුරක්ෂිතතා වැඩසටහන් සහ තවත් බොහෝ දේ ඇතුළුව හරිත කෘෂිකර්මයේ විවිධ අංශ පිළිබඳව සහභාගි වූවන් දැනුවත් විය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරී තුමන්ගේ අධීක්ෂණය යටතේ යුධ හමුදා සහාය ලබාදුන් අතර, වැඩමුළුවේ සාර්ථකත්වය සඳහා 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ භට පිරිස් වැදගත් කාර්යභාරයක් ඉටු කරන ලදී. තවද, හරිත කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සාර්ථක නායකයින් බවට පත්වීමට අවශ්‍ය කුසලතා සහ දැනුම වර්ධනය කර ගැනීමට සිසුන්ට උපකාර කරමින් භට පිරිස් විසින් සිසුන්ට වටිනා මග පෙන්වීමක් සහ සහයක් ලබා දෙන ලදී.