Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

30th May 2023 11:58:42 Hours

බස්නාහිර පළාතේ ඩෙංගු මර්දන ව්‍යාපාර සඳහා යුද්ධ හමුදා භට පිරිස් සහාය

බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක් ආවරණය කරමින් පොලිස් නිලධාරීන් සහ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සහයෝගීතාවයෙන් 2023 මැයි 12 දින සිට 26 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ඇති 142 වන පාබල බළසේනාවේ භට පිරිස් විසින් ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත 14 වන පබෙල සේනාංකයේ සේනාංකාධිපතිගේ සහ 142 බලසේනාවේ බළසේනාධිපතිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ භට පිරිස් විසින් සහය දැක්විය. මෙහිදී මදුරුවන් බෝවන ස්ථාන, මදුරුවන්ගේ වාසස්ථාන පිරිසිදු කිරීම සහ අසල්වැසි ප්‍රදේශවල සහ සේවා ස්ථානවල මදුරුවන් බෝවීම වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කිරීමක්ද සිදුකර ඇත.

ඒ අනුව එම ඩෙංගු මර්දන වැඩසටහන් මාලාවේදී පහත ස්ථාන සහ ප්‍රදේශ පරීක්ෂා කරන ලදී.

- මහරගම MOH ප්‍රදේශයට 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුව ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ සහාය ලබා දෙන ලදී.

- මහානාම විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලයට 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සහාය දක්වන ලදී.

- බෙල්ලන්විල MOH ප්‍රදේශයට 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුව මගින් සහය ලබා දෙන ලදී.

- ගුණසිංහපුර, පිටකොටුව, මාලිගාවත්ත සහ අලුත්කඩේ යන ප්‍රදේශවලට 7 වන ගැමුණු හේවා බළඇණියේ සහාය හිමි විය.

- බ්ලූමැන්ඩල්, මෝදර, කොටහේන, මහවත්ත සහ මට්ටක්කුලිය ප්‍රදේශවලට 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුව මගින් සහාය විය.

- පිළියන්දල MOH බල ප්‍රදේශයට 7(සෙව්) ගජබා රෙජිමේන්තුව මගින් සහය විය.

තවද, එම ඩෙංගු මර්දන ව්‍යාපාර ඉතා සාර්ථක වූ අතර බස්නාහිර පළාතේ ඩෙංගු උණ රෝගයේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබිණි. ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ව්‍යාපෘතියෙහි සාර්ථකත්වය සඳහා මහගු කාර්යභාරයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකාවේ ජනතාවගේ යහපැවැත්ම සඳහා ඔවුන්ගේ කැපවීම මනාව පෙන්නුම් කළේය.