Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

24th May 2023 15:32:05 Hours

ප්‍රවීන් අභියෝග කුසලාන එල්ලේ තරඟාවලිය - 2023 ශූරතාවය යුද හමුදා එල්ලේ කණ්ඩායමට

2023 මැයි 20 වන දින බංගගිරිය චැලෙන්ජස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරන ප්‍රවීන් අභියෝගතා කුසලාන එල්ලේ තරඟාවලිය - 2023 බංගදෙණිය කරුක්කුලිය විද්‍යාලීය ක්‍රීඩා පිටියේදී පැවැත්වූ අතර, මෙම තරගාවලියට ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම ඇතුළු කණ්ඩායම් හතරක් සහභාගි විය.

මෙම තරගාවලියේ දක්ෂතා රැසක් පෙන්නුමි කරමින් වෙන්නප්පුව බැසිලිකා ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායම පරාජය කර තරගාවලියේ පළමු තරගය ජයගනිමින් ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම බංගගිරිය චැලෙන්ජස් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායම සමඟ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

අවසන් මහා තරගය උද්වේගකර තරගයක් වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා එල්ලේ කණ්ඩායම සිය ඉනිමට ලකුණු 16ක් රැස්කළ අතර බංගගිරිය චැලෙන්ජස් ක්‍රීඩා සමාජ එල්ලේ කණ්ඩායමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 7ක් පමණි. අවසානයේ බංගගිරිය ක්‍රීඩා සමාජය ලකුණු 9 කින් පරාජය කළ යුද හමුදා එල්ලේ කණ්ඩායම පහත සඳහන් ත්‍යාග සමඟින් තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.

අවසන් මහා තරගයේ දක්ෂතම පිතිකරු - කෝප්‍රල් ප්‍රියශාන්ත.

තරගාවලියේ වීරයා - සාසෙ මධුශංක.