Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th May 2023 08:49:52 Hours

ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් සදහා "නිරෝගී දැයක් නිරෝගී හමුදාවක් " යන තේමාව යටතේ දේශනයක්

කොළඹ යුධ හමුදා රෝහල විසින් සිදුකරන ලද "නිරෝගී දැයක් නිරෝගී හමුදාවක් " යන තේමාව යටතේ 2023 මැයි 17 වන දින, පනාගොඩ, යුධ හමුදා කඳවුරේ, ඉංජිනේරු සේවා රෙජිමේන්තු දේශන ශාලාවේදී පැවැත්වූ දේශනයක් සදහා ආරක්‍ෂක සේනා මූලස්ථානයේ (බටහිර) භටපිරිස් සහභාගී විය.

මෙම දේශණයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම සහ යහපත් සෞඛ්‍ය පුරුදු පුහුණු කිරීමේ වැදගත්කම පිළිබඳව සහ අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි බෝ නොවන රෝග (NCDs) වලට තුඩු දිය හැකි දුම්පානය, දුර්වල ආහාර පුරුදු සහ අධික ලෙස මත්පැන් පානය කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න නොවන පුරුදු හා සම්බන්ධ අවදානම් පිළිබදව දේශනය පවත්වනු ලැබූ උපදේශක වෛද්‍ය සහ "නිරෝගී දැයක් නිරෝගී හමුදාවක්" ව්‍යාපෘතියේ විධායක සම්බන්ධීකරණ බ්‍රිගේඩියර් වෛද්‍ය ඒඑස්එම් විජේවර්ධන යූඑස්පී (විශ්‍රාමික) යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් අවධාරණය කරන ලදී.

තවද, මෙම දේශණයට ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි නිලධාරීන් 22 දෙනෙකු සහ සෙසුනිලයින් 90 දෙනෙකු මෙම දේශන සැසිය සඳහා සහභාගී වූ අතර, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමේ වැදගත්කම අවබෝධ කර ගැනීමටත් සෞඛ්‍ය සම්පන්න පුරුදු අනුගමනය කිරීමට ඔවුන් පෙළඹවීමටත් මෙම දේශණය වැදගත් විය.