Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th May 2023 09:50:00 Hours

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ඇති 143 පාබල බලසේනාවේ භට පිරිස් වෙසක් උත්සවයට සමගාමීව වන්දනා බැතිමතුන් සඳහා දන්සලක් සංවිධානය කරයි

ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) යටතේ ඇති 143 පාබල බලසේනාවට අයත් 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් වෙසක් උත්සවය සමයේ පුත්තලම ප්‍රදේශයේ සහ ඒ අවට වන්දනාවේ යන 3500 කට අධික බැතිමතුන් වෙනුවෙන් 2023 මැයි මස 05 වන දින, පුත්තලම, සෙල්ලකන්දවත්ත, 143 පාබල බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී ‘බත් දන්සලක්’ පවත්වන ලදී.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ මඟපෙන්වීම මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන් සහ 143 පාබල බලසේනාවේ බළසේනාධිපති තුමන් විසින් සම්පුර්ණයෙන්ම අධීක්ෂණය කරන ලද අතර බැතිමතුන් හට ආහාර සැපයීම ඉතා සාර්ථකව සිදුකර ඇති බැවින් මෙම උතුම් ක්‍රියාව සදහා මහජනතාවගෙන් සුභදායි ප්‍රතිචාරයක් ලැබුණු අතර, ඔවුන් යුද හමුදා සාමාජිකයින් වෙත සිය කෘතඥතාව පළ කළහ.

එමේන්ම, ප්‍රජා සේවය සඳහා යුද හමුදාවේ මැදිහත්වීම සහ සියලු ප්‍රජාවන් අතර සාමය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කැපවීමි මෙවැනි වැඩසටහන් මගින් ඉස්මතු වේ. එවැනි ක්‍රියාවන් මහජනතාවට පමණක් නොව ඔවුන් සේවය කරන ජනතාව ඉදිරියේ ද හමුදාව පිළිබඳ ධනාත්මක ප්‍රතිරූපයක් ගොඩනැගීමටද උපකාරී වේ.