Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th May 2023 09:59:23 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) භට පිරිස් වැඩමුළුවකට සහභාගී වේ

2023 මැයි 10 වන දින, යුද්ධ හමුදා ශාරිරික ආභ්‍යාස ගෘහස්ථ ක්‍රිඩාගාරයෙදි මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "ධනාත්මක චින්තනය, නිදහස් මනසින් වැඩ කිරීම සහ යහපත් පවුල් ජීවිතයක් ගත කිරීම" සහ "නීතියේ මනෝවිද්‍යාත්මක පැතිකඩ" යන තේමාව යටතේ පවත්වන ලද වැඩමුළුවන් සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය සහ ආරක්‍ෂක සේනා (බටහිර) යුද හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වය මත මෙම වැඩමුළුව භට පිරිස් වල දැනුම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් අතර, එය සැසි දෙකකට බෙදා ඇත.

පළමු සැසිය මෙහෙයවනු ලැබුවේ මනෝචිකිත්සක සහ උපදේශකවරියක වන අමා දිසානායක මහත්මිය විසින් වන අතර, ධනාත්මක චින්තනයේ වැදගත්කම, නිදහස් මනසකින් වැඩ කිරීම සහ යහපත් පවුල් ජීවිතයක් පවත්වාගෙන යාම යන මැයෙන් දේශනය පැවැත්වූ අතර, දෙවන සැසිය මෙහෙයවනු ලැබුවේ නීතියේ මනෝවිද්‍යාත්මක කරුණු පිළිබඳව අදහස් දැක්වූ කීර්තිමත් නීතිඥවරියක් වන එම් මේධා ද අල්විස් මහත්මිය විසිනි.

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පලනය වන සේනාංක, බලසේනා, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ බලඇණිවලට අයත් නිලධාරීන් 56 දෙනෙකු සහ සෙසු නිලයින් 724 දෙනෙකුගෙන් ද ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ ඇති ස්ථාන 31 කට අයත් නිලධාරීන් ඇතුළු යුද හමුදා සාමාජිකයින් 300 ක් පමණ Zoom තාක්ෂණය හරහා මෙම වැඩමුළුවට එක් වූහ.

මේ අතර, සහභාගිවන්නන්ට ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව පැහැදිලි කිරීම් ලබා ගැනීමට අවස්ථාව ලැබුණු අතර, ඔවුන් පෞරුෂ සංවර්ධනය, මානව කුසලතා සංවර්ධනය, ධනාත්මක චින්තනය, සමාජ හා සංස්කෘතික අනුවර්තනය, නීතිමය ප්‍රතිලාභ ලබා ගැනීමේ ක්‍රියා පටිපාටි, හමුදා කළමනාකරණය, පවුලට අදාළ නීතිය පිළිබඳ වැදගත්කම ගැටළු සහ එහි සීමාවන් ආදියඉගෙන ගත්හ.

තවද, ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමාගේ සම්බන්ධීකරණය මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ තුමන් විසින් ආරාධිත කථිකාචාර්යවරුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කරමින් සිය කෘතඥතාවය පළ කළහ.