Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th May 2023 09:48:16 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් වෙසක් උත්සවයට සමගාමීව පාදුක්ක වටරැක සංහිඳ ළමා නිවාසයේ ළමුන් සඳහා දිවා ආහාරය සපයයි

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 142 පාබල බලසේනාවට අයත් 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු වේ‍ භට පිරිස් ව්සින් වෙසක් උත්සවයට සමගාමීව 2023 මැයි 07 වන දින පාදුක්ක වටරැක සංහිඳ ළමා නිවාසයේ ළමුන් සදහා ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් සංවිධානය කර ඇත.

එම දරුවන් හට පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීම සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් වැඩසටහන් කිහිපයක් සිදුකර ඇති අතර යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඔවුන් වෙනුවෙන් ත්‍යාග බෙදාදිමේ වැඩ සටහනක් ද සිදු කරන ලදී.

තවද, මෙම පුණ්‍ය කටයුත්තට 142 පාබල බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු, 15 වන ඩ්‍රෝන රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ඇතුළු සෙසුනිලයින් සහ ළමා නිවාස කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.