Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th May 2023 09:54:47 Hours

මෙවර වෙසක් උත්සවයට සමගාමීව ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් වැඩසටහන් මාලාවක් දියත් කරයි

ශ්‍රී ලංකාවේ වෙසක් උත්සවය අති උත්කර්ෂවත් කටයුත්තක් වන අතර සෑම වසරකම එහි සාර්ථකත්වය සහතික කිරීම සඳහා බටහිර හමුදාවන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව, 2023 වෙසක් උත්සවයට සමගාමීව ආරක්‍ෂක සේනා (බටහිර) බල ප්‍රදේශය තුළ ආරක්‍ෂක සේනා (බටහිර) යුද හමුදා සාමාජිකයින් විසින් වැඩසටහන් මාලාවක් පවත්වන ලදී.

මෙම උතුම් පොහොය දිනය නිමිත්තෙන් කොතලාවල ආරක්ෂක රෝහලට පැමිණෙන රෝගීන්ගේ සහ මහජනතාවගේ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව සහතික කිරීමේ අරමුණින් 7 ස්වේච්ඡා ගජබා රෙජිමේන්තුවේ යුද හමුදා සාමාජිකයින් 15 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කර ඇත.

මේ අතර වෙසක් උත්සවයට පෙර බොරැල්ල සිට නුගේගොඩ දක්වා මාර්ගය බෞද්ධ කොඩිවලින් සහ පහන් කූඩුවලින් අලංකාර කිරීම සඳහා 142 පාබල බලසේනාවට අයත් යුද හමුදා සාමාජිකයින් ප්‍රදේශවාසීන් සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමඟ එක්ව කටයුතු කළහ. කොළඹ ප්‍රදේශයේ වෙසක් උත්සවයට තවත් අලංකාරයක් එක් කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ විය. මෙම වැඩසටහන 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිවරයාගේ මගපෙන්වීම යටතේ 03 වන කෙට්ඨාශ මුලස්ථාන සේනාංකයේ ආඥාපතිගේ අධීක්ෂණය මත යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහය ලබා දෙන ලදී.

ඒ සමගම, 61 පාබල සේනාංකයේ යටතේ ඇති 613 පාබල බලසේනාව වෙත අයත් 3 වන ස්වේච්ඡා ගැමුණු හේවා බළඇණියේ භට පිරිස්, ප්‍රදේශවාසීන් සමඟ එක්ව 2023 මැයි 04 වන දින මාතර කොටුවේ පිහිටි රත්නපාල මහා පිරිවෙන් මිගදාය පරිශ්‍රය පිරිසිදු කර අලංකාර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි .මෙම වැඩසටහන 613 බලසේනාවේ බලසේනාධිපති සහ 3 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරී විසින් සම්බන්ධීකරණය කරන ලදී.

මීට අමතරව, 141 පාබල බලසේනාවට අයත් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු බලකායේ භට පිරිස් විසින් 2023 මැයි 05 වන දින වෙසක් උත්සවය නිමිත්තෙන් වේයන්ගොඩ ප්‍රදේශයට වන්දනාවේ යන බැතිමතුන් සඳහා ඔවුන්ගේ කඳවුරු පරිශ්‍රය අසල ‘මඤ්ඤොක්කා දන්සලක්’ සංවිධානය කරන ලදී. මෙම කර්තව්‍ය 141 වන බලසේනාවේ බලසේනාධිපති සහ 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු බලසේනාවේ අණදෙන නිළධාරී ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.

තවද, 16 වන ගජබා රෙජිමේන්තුවේ සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සාමූහික ප්‍රයත්නය මගින් 2023 මැයි 05 වන දින පුත්තලම, සෙල්ලකන්දවත්ත බැතිමතුන් සඳහා තවත් ‘බත් දන්සලක්’ 143 පාබල බලසේනා කදවුර අසලදී දියත් කල අතර, මෙම වැඩසටහන 143 පාබල බලසේනාවේ ආඥාපති සහ අණදෙන නිලධාරීන් විසින් සම්පුර්ණයෙන්ම අධීක්ෂණය කරන ලදී.

මෙම ව්‍යාපෘති සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය වෙසක් උත්සවයේ සාර්ථකත්වය සහතික කිරීම සඳහා ඔවුන්ගේ කැපවීම පෙන්නුම් කරයි. ඔවුන්ගේ උත්සාහය උත්සවය පැවැත්වෙන ස්ථාන අලංකාර කිරීම මෙන්ම ප්‍රදේශවාසීන් අතර සහයෝගය ඇති කිරීමට ද ඉවහල් විය. තවද, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් පරිදි 14 සහ 61 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ලාගේ මගපෙන්වීම යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර ඇත.