Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

11th May 2023 09:07:44 Hours

ගැලවීමේ හමුදාවේ වැඩිහිටි සහ ළමා නිවාසය වෙත දිවා ආහරය ලබාදීමේ වැඩසටහනක්

ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් දීපාල් පුස්වැල්ල යන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ උපදෙස් මත 144 පාබල බළසේනාවේ බළසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 144 පාබල බළසේනා මුලස්ථාන බල ප්‍රදේශයේ රාජගිරිය ගැලවීමේ හමුදාවේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි අයවළුන් හා කාර්ය මණ්ඩලය ඇතුළුව 45 දෙනෙකු හට දිවාආහාරය ලබාදීම සහ ළමා නිවාසයේ ළමුන් හා කාර්ය මණ්ඩලය ඇතුලුව 30 දෙනෙකු වෙත දිවා ආහරය සහ ළමුන් 21 දෙනෙකු සදහා පාසල් උපකරණ ලබාදීමේ වැඩසටහනක් 2023.05.04 දින සිදුකරන ලදී.

මෙම වැඩසටහන සදහා 144 පාබල බළසේනාවේ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි, සිවිල් සම්බන්ධීකරණ නිලධාරි, 2 (සෙව්) ශ්‍රීලපාහ ඒකක අණදෙන නිලධාරි, 10 ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන නිලධාරි, 18 ශ්‍රීලංජාආබමු ඒකක අණදෙන නිලධාරි සහ සෙසුනිලයින් 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් 2 (සෙව්) ශ්‍රිලපාහ සහ 10 ශ්‍රීලංජාආබමු ඒකක කැලිප්සෝ සංගීත කණ්ඩායම් හි සහයෝගයද ඇතිව ඉතා උත්කර්ෂවත් අයුරින් සිදුකර ලදී.