Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th May 2023 18:10:50 Hours

වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන පින්බර වැඩසටහනක් සදහා යුධ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය

වේයන්ගොඩ ගුණසිරි සගබෝ විහාරස්ථානයෙහි අභිනවයෙන් ඉදිකරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ දහම් පාසැල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු වලට ආධාර පිණිස සංවිධනය කර ඇති වෙසක් තොරණේ සහ වෙසක් කලාපය සාර්ථක කර ගැනීම සදහා 2023 මැයි 03 වන දින 6 වන ශ්‍රීලංකා කාලතුවක්කු හමුදාවේ භට පිරිස් විසින් සිය ශ්‍රම දායකත්වය ලබා දී ඇත.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ උපදෙස් මත 14 පාබල සේනාංක සේනාංකාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ 141 පාබල බළසේනා බළසේනාධිපති තුමන්ගේ සම්බන්ධීකරණයෙන් සහ 6 වන ශ්‍රීලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිළධාරිගේ පූර්ණ අදීක්ෂණයෙන් සිදුකරන ලදී.