Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th May 2023 13:56:06 Hours

144 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයට අයත් 144 පාබල බලසේනාවේ භටපිරිස්හි සම්බන්ධීකරණය මත මුල්ලේරියාව, අඹතලේ ටිකිරි කුමාර විද්‍යාලයේ සිසු සිසුවියන් 197 දෙනෙකු වෙත පාසල් බෑග්, පාසල් උපකරණ සහ අභ්‍යාස පොත් ඇතුළු ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2023 මැයි මස 03 දින එම පාසල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.එම්.වී. කොඩිතුවක්කු ගේ ඉල්ලීමකට අනුව හෝකන්දර, කන්ගරා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ සමන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම වැඩසටහන යටතේ බෙදාදුන් පාසල් බෑග් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර පාසල් උපකරණ, අභ්‍යාස පොත් සහ අනෙකුත් ලිපිද්‍රව්‍ය සඳහා කොළඹ ආසිරි රෝහලේ වෛද්‍ය තුරුල් ආටිගල මහතා විසින් සිය මූල්‍ය අනුග්‍රාහකත්වය දැක්වීය.

මෙම වැඩසහටහනට සමගාමීව පාසල් ගුරුවරියන් වෙත සාරි බෙදාදීමේ වැඩසටහනක් ද පැවැත්විණි. පාසල් සිසු සිසුවියන් විසින් පැවැත්වූ විනෝදජනක වැඩසටහනකින් පසුව යුද්ධ හමුදා භටපිරිස් සිසු සිසුවියන් සහ ගුරු භවතුන් වෙත තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම 144 පාබල බලසේනාව සහ ඒ යටතේ සේවයේ නියුතු භටපිරිස් පරිත්‍යාග වැඩසටහන සාර්ථකව පැවැත්වීට අවශ්‍ය සියලුම කටයුතු සම්බන්ධීකරණය කරන ලදී. 14 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් ගේ මඟපෙන්වීම සහ 144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන පැවැත්විණි.

144 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ ආරාධනයකට අනුව මෙම පරිත්‍යාග වැඩසටහනේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහභාගී වූ අතර 14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.එම්.ආර්.එන්.කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී, හෝකන්දර, කන්ගරා හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්‍ෂතුමන් සහ එතුමන්ගේ භාර්යාව ද මෙම අවස්ථාවට සහභාගී වූහ.