Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th April 2023 11:29:17 Hours

ආරක්ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා සෙබලුන් පාසල් ළමුන්ගේ කෘෂිකාර්මික දැනුම වැඩි කිරිමේ සහ නායකත්ව සංවර්ධනය කිරිමේ වැඩමුළුවකට සහාය වෙයි

හයවන කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව සංවර්ධන වැඩමුළුව "හරිත නියමුවෝ" තේමා කර ගනිමින් වයඹ පුහුණු ආයතනය සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහයෝගීතාවයෙන් 2023 අප්‍රේල් 22 වන දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී. මෙම වැඩසටහන සදහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි ශ්‍රී නිශ්ශංක විද්‍යාලය, විද්‍යාලෝක විද්‍යාලය සහ උහුමීය විද්‍යාලයේ සිසුන් 70 දෙනෙකු සහභාගී විය.

මෙම වැඩමුළුව මගින් සිසුන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව සැසි පැවැත්වීමෙන් මෙන්ම ශාරීරික පුහුණු උපදේශකවරුන් ලබා දීමෙන් ද යුද්ධ හමුදා සාමාජිකයින් සහාය විය. මෙම දැනුවත් කිරීමේ වැඩමුළුව අවසානයේදී සිසුන් නායකත්ව ගුණාංග සහ ලෝක ආහාර සුරක්ෂිතතා වැඩසටහන් ආදිය පිළිබඳව වැඩි දැනුමක් ලබා ගත්හ.

මෙහිදී, ආරක්‍ෂක සේනා ආඥාපති (බටහිර) ගේ උපදෙස් පරිදි 143 වන පාබල බලසේනාවේ ආඥාපති සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි විසින් යුධ හමුදාවේ සහය සමීපව අධීක්ෂණය කරන ලදී.

තවද, පසුගිය 2023 අප්‍රේල් 01 වන දින මෙවැනිම වැඩසටහනක් දඹදෙණිය මහා විද්‍යාලය සහ නිකවැරටිය ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලය යන පාසල් දෙකේම ඉගෙනුම ලබන සිසුන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.