Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

26th April 2023 11:25:14 Hours

ආරක්‍ෂක සේනා (බටහිර) යුද්ධ හමුදා සෙබලුන් පාසල් දරුවන් සදහා අගනා වැඩමුළුවක් පැවැත්වීමට සහය වෙයි

ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ ඇති 142 පාබල බසේමු බළප්‍රදේශයේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරි සහ සෙසු නිළයින් විසින් කොළඹ මහානාම විද්‍යාලයේ ශිෂ්‍යභට භට ඛණ්ඩය සදහා සිතියම් කියවීම පදනම් කරගත් වැඩමුළුවක් එම පාසල් පරිශ්‍රයේදී 2023 අප්‍රේල් 19 වන දින පැවැත්වීමට තම සහය ලබාදීමට කටයුතු කර ඇත.

මෙහිදී වැඩමුළුව සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ අනුමැතිය යටතේ යුද්ධ හමුදා සෙබලුන් තම සහය ලබාදෙන ඇති අතර මුලික සිතියම් කියවීම, සිල්වා මාලිමා යන්ත්‍රය භාවිතය ආදී මාතෘකාවන් යටතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ද ඇතුලත්ව වැඩමුළුව පවත්වා ඇත.