Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 15:15:44 Hours

යුධ හමුදා සෙබළෙකුගෙන් තවත් වීර ක්‍රියාවක්

ආරක්ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ ඇති 61 වන පාබල සේනාංක මූලස්ථානය වෙත අයත් ආසේඉ - බූස්ස කදවුරට අනුයුක්තව රාජකාරි කරනු ලබන සාසෙ කුමාර ආර්.ජී.ඩී නමැති යුද හමුදා සෙබළා විසින් 2023 අප්‍රේල් 18 වන දින බූස්ස දුම්රිය ස්ථානයේදී සොරෙකු අල්ලාගෙන රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දීමට කටයුතු සිදුකර ඇත.

වාර්ථා වූ තොරතුරු අනුව ගමන් ගැනීමට නියමිතව තිබූ දුම්රියකට ගොඩවෙමින් සිටි කාන්තාවකගේ රන් මාලයක් කඩාගෙන පලා යමින් සිටි සොරා පසුපස ලුහුබැඳ ගොස් විශාල පරිශ්‍රමයක් යොදා එම සොරා අල්ලාගෙන වහාම රත්ගම පොලිස් ස්ථානය වෙත භාර දීමට තත් යුධ හමුදා සෙබළා කටයුතු කර ඇත.