Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th April 2023 09:32:14 Hours

ආරක්ෂක සේනා (බටහිර) සිවිල් සේවකයින් සඳහා ත්‍යාග බෙදාදීමේ වැඩසටහනක්

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට සමගාමීව ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) යටතේ සේවයේ නියුතු සිවිල් සේවකයින් 25 දෙනෙකුහට හට ත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් 11 වන දින ආරක්‍ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ආඥාපති තුමන්ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලද අතර, ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක්ද සහභාගි වූහ.