Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:36:18 Hours

පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව තරග විනිශ්චය සදහා ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස් සහය

පාසල් කාර්ය මණ්ඩලයේ ඉල්ලීමට අනුව ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 14 වන පාබල සේනාංකයට අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවට අයත් භටපිරිස් විසින් කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා තරඟාවලියේ ක්‍රීඩා ඉසව් විනිශ්චය කිරීම සදහා 2023 මාර්තු මස 20, 21, 23 සහ 30 යන දිනවලදී සිය සහය ලබාදි ඇත.

තවද, කොළඹ ලුම්බිණි විද්‍යාලය විසින් කොළඹ ශාලිකා පිටියේදී 2023 මාර්තු 29 වන දින පවත්වනු ලැබු වාර්ෂික නිවාසාන්තර ක්‍රීඩා උළෙල සාර්ථක කර ගැනීම සඳහා 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුධ හමුදා සාමාජිකයින්ගේ නොමසුරු සහයෝගය ලබා දෙන ලදී.

තවද, ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ගේ මගපෙන්වීම යටතේ 142 බලසේනාවේ බලසේනාධිපති, 7 වන ගැමුණු හේවා බළඇණියේ සහ 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ ඒකක අණදෙන නිළධාරීන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ භටපිරිස් සහය ලබාදි ඇත.