Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:14:00 Hours

වැඩවර්ජිත රෝහල්හි දෛනික කාර්යයන් පවත්වාගෙන යෑම සදහා ආරක්ෂක සේනා (බටහිර) යුධ හමුදා සහය

යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් මත ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් රෝහල් වල 2023 මාර්තු මස 15 දින ක්‍රියාත්මක වු වැඩවර්ජනය හේතුවෙන් රෝහල් බලධාරින්ගේ ඉල්ලිමට අනුව 14 වන පාබල සේනාංකය සහ 61 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් වෙත රෝහල්වල දෛනික කාර්යයන් පවත්වාගෙන යෑම සදහා අවශ්‍ය උපදෙස් ලබා දෙන ලදි.

ඒ අනුව 61 පාබල සේනාංකයට අයත් 612 පාබල බලසේනාවට යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා පුරෝගාමී බළකායට අයත් තිස්පහක භඨපිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ හොරණ දිස්ත්‍රික් රෝහල සහ පානදුර මූලික රෝහල වෙත සිය සහය ලබා දි ඇත.

මේ අතර, නැගෙනහිර කොළඹ මූලික රෝහල, මුල්ලේරියාව රෝහල් වෙත 144 පාබල බලසේනාවට අයත් 2 (සෙව්) ශ්‍රි ලංකා පාබල බළඇණියේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන් අතර, ඇඹිලිපිටිය මූලික රෝහලේ අත්‍යාවශ්‍ය රාජකාරි ආවරණය කිරීම සඳහා තුංකම පිහිටි ඉජිනේරු පුහුණු පාසලේ භටපිරිස් දායකවි ඇත.

මෙම කාර්යයන් බලසේනාවන්හි බලසේනාධිපති වරුන් සහ අණදෙන නිලධාරිවරැන් විසින් අධික්ෂණය කරන ලදි.