Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:25:42 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් තවත් ප්‍රජා සත්කාරක වැඩසටහනකට දායකත්වය ලබාදෙයි

ආසේමු (බටහිර) ආඥාපති තුමන්ගේ අනුමැතිය මත 61 පාබල සේමු සේනාංකාධිපති මේජර් ජෙනරාල් එචිඑමියු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී පීඑස්සි එච්ඩිඑම්සී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහ 613 පාබල බසේමු බළසේනාධිපති බ්‍රිගේඩියර් කේවීඅයිඑල් ජයවීර යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සහභාගිත්වයෙන් සහ මග පෙන්වීම මත 3 (සෙව්) ගැහේබ ඒකක අණදෙන නිළධාරි මේජර් පීඒජිඒපී මඩිත්තපොල යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ අධීක්ෂණය යටතේ ආසේමු (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේමු යටතේ ඇති 613 බසේමු බළප්‍රෙදශය තුල ස්ථාපිතව ඇති මාතර එළියකන්ද සිට නිල්වලා ගං මෝයකට දක්වා වූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 මාර්තු මස 27 දින සිදුකරන ලදී.

එම වැඩසටහන සදහා මාතර දිස්ත්‍රික් රාජ්‍ය ආයතනයන්හි සාමාජිකයින් 90 ක් පමණ සහභාගිත්වයෙන් සිදුකරනු ලද අතර එම වෙරළ තීරය පිරිසිදු කිරීම කලාප වලට වෙන්කර පැහැදිලි කිරීමෙන් පසු කැලි කසල එකතු කිරීම ක්‍රමානුකූලව වර්ගීකරණය කර සිදුකරන ලදී. එම අවස්ථාවට සහය වූ සියලුම අයවලුන් හට නෙස්ලේ ලංකා පුද්ගලික ආයතනය වෙතින් කෙටි ආහාර වේලක් සහ සිසිල් බීමද ලබා දීමට කටයුතු සිදුකරන ලදී.