Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:24:12 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් තවත් සුනාමි පෙරහුරු වැඩසටහනක් සදහා සහභාගිවෙයි

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අනුග්‍රහය යටතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සංවිධානත්වයෙන් ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකය වෙත අයත් 613 පාබල බලසේනාව වෙත අයත් 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් සහභාගිත්වයෙන් වෙරළබඩ ආසන්නයේ ඉහළ සුනාමි අවදානමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ මාගල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේදී 2023 මාර්තු 24 වන දින සුනාමි පෙරහුරු සුදානම පිළිබද වැඩසටහනක් පවත්වන ලදී.

මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා ආඥාපති තුමන් සහ 61 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීම මත 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරිතුමන්ගේ අධික්ෂණය යටතේ භටපිරිස් සුනාමි පෙරහුරු සුදානම වැඩසටහන සදහා සහභාගීවිය.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ, රාජ්‍ය නිලධාරීන්, පාසල් කාර්ය මණ්ඩලය, පාසල් සිසුන් ඇතුළුව දෙමාපියන් සහ ප්‍රදේශවාසීන් සහභාගීවිය.

තවද 61 පාබල සේනාංකයේ භට පිරිස් සුනාමි පෙරහුරු සුදානමි පිළිබද වැඩසටහන් 2023 මාර්තු 01 සහ 03 යන දිනයන්හිදී ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ එක්ව මාදම්පාගම කුමාර කාශ්‍යප කණිෂ්ඨ විද්‍යාල සහ මාදම්පාගම මහා විද්‍යාලයේ සිසුන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.