Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:18:18 Hours

61 වන පාබල සේනාංක මුලස්ථාන වෙතින් තවත් උතුම් කාර්යක්

61පාබල සේනාංක මූලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යු හේරත් ආර්ඩබිලිවිපී ආර්එස්පී වීඑස්වී එචිඩිඑම්සී යන ජ්‍යෙෂ්‍ඨ නිළධාරි තුමන්ගේ උපදෙස් හා මගපෙන්වීම මත එම සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිළධාරි වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ජේඊඑල් ද සොයිසා ශ්‍රිලපාහ යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සම්බන්ධිකරණයෙන් එම සේනාංක මුලස්ථානයේ සේවය කරන සිවිල් සේවක මහත්මියකගේ ආබාධිත දරුවෙකු වෙනුවෙන් රෝද පුටුවක් පරිත්‍යාග කිරිමේ වැඩසටහනක් සහ එම කදවුරේ රාජකාරි කරන යුද්ධ හමුදා සමාජිකයෙකුගේ දරුවන් 05 දෙනෙකු වෙනුවෙන් රු.90000.00 ක් පමණ වටිනා පාසල් උපකරණ බෙදාදිමේ වැඩසටහනක් 61 පාබල සේනාංක මුස්ථානයේ පවත්වන ලදි.

අබාධිත ළමයා වෙත පරිත්‍යාග කරන ලද රෝද පුටුව ජිවන් ප්‍රභාත් ලියනගේ මහතා සහ ඔහුගේ හිතවක් මිතුරු කැළ විසින් ලබාදෙනු ලද අතර, ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ කොළඹ ඩිඑස් සේනානයක විද්‍යාලයේ සේවය කරන අශා නිපුනි උපෙන්ද්‍රා මහත්මියගේ ධන පරිත්‍යාගයෙන් සිදුකරන ලදි.