Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:16:23 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙතින් තවත් සමාජ සත්කාර වැඩසටහනක්

ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලන වන 14 පාබල සේනාංකය වෙත අයත් 142 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 3 වන සංවත්සරයට සමගාමීව, 2023 මාර්තු මස 20 වන දින භට පිරිස් සහභාගිත්වයෙන් මහරගම අපේක්ෂා රෝහල වෙත නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය සහල්, පරිප්පු, නූඩ්ල්ස් ඇතුළු වියළි සළාක ද්‍රව්‍යයන්ගෙන් සමන්විත රුපියල් 115,000/= ක් වටිනා වියළි සළාක ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් සිදුකරන ලදී.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන්ගේ උපදෙස් මත 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ මගපෙන්වීම යටතේ 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි තුමන් විසින් මෙම මහගු කාර්යය සංවිධානය කර ඇත.

මෙම අවස්ථාව සදහා 15 වන ඩ්‍රෝන රෙජිමේන්තු ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරීතුමන් ඇතුළු, නිලධාරීන් කිහිප දෙනෙකු සහ සෙසු නිලයින් වියළි සළාක ද්‍රව්‍ය තොගය රෝහල් බලධාරීන් වෙත පරිත්‍යාග කරන ලදී.