Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 14:12:02 Hours

ලේ දන්දිමේ වැඩසටහනක් සදහා ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් දායකත්වය ලබා දෙයි

අතිපූජ්‍ය වල්මිල්ලේ ශ්‍රී සෝමානන්දභිධාන හිමියන්ගේ හයවන ගුණ අනුස්මරණ වැඩසටහනට සමගාමීව 2023 මාර්තු 11 වන දින පිළියන්දල මාම්පේ ශ්‍රී විජය වර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේ පැවති ලේ දන්දීමේ වැඩසටහන සදහා ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් දායකත්වය ලබාදි ඇත.

මෙම වැඩසටහන සදහා ආරක්ෂක සේනා (බටහිර) උපදෙස් පරිදි 14 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 142 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ලාගේ පුර්ණ අධික්ෂණය යටතේ 142 වන පාබල බලසේනාවේ සහ 7 වන ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් මෙම උදාර කර්තව්‍යය සඳහා දායකවිය.