Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:20:47 Hours

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ පාසල් ක්‍රිඩා උළෙලකට දායකත්වය ලබා දෙයි.

දොම්පේ ලුණුගම පිහිටි සිරි පැරකුම්බා මහා විද්‍යාලය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 14 වන පාබල සේනාංක යටතේ ස්ථාපිත 141 පාබල බලසේනාවට අයත් 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් දොම්පේ ලුණුගම පිහිටි සිරි පැරකුම්බා මහා විද්‍යාලිය ක්‍රීඩා උත්සවයේ ආචාර පෙළපාලිය පුහුණු කිරිම මෙන්ම 2023 පෙබරවාරි මස 24 දින සිට මාර්තු මස 02 දින දක්වා ක්‍රීඩා ඉසව් විනිශ්චය කිරීම සඳහා පාසලට විනිසුරුවන් ලබාදිමෙන් සහය විය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ආචාර පෙළපාලිය සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන ලදී.

මෙම අවස්ථා 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් සහ 8 වන ශ්‍රි ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරි විසින් පුර්ණ අධික්ෂණය සිදු කරන ලදි.