Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:13:21 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භටපිරිස් සමාජ සත්කාරක වැඩසටහනකට දායක වෙයි

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් 14 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 141 පාබල බලසේනාවට අයත් 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ හමුදා භට පිරිස් 2023 පෙබරවාරි 28 වන දින උඩුපිල ප්‍රාදේශීය රෝහල පිරිසිදු කිරීමට සහය වූ අතර, එදින වෛද්‍ය සායනයට සහභාගිවු ගර්භනී මව්වරුන් සහ නේවාසික රෝගීන් 100 දෙනෙකුට දිවා ආහායරද ලබාදීමට කටයුතු කළේය.

මේ සදහා ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන්ගේ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමාගේ උපදෙස් මත 141 වන පාබල බලසේනාවේ බලසේනාධිපති විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

තවද, 8 වන බළඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිළධාරීගේ පුර්ණ අධීක්ෂණය යටතේ නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයින් 30 දෙනෙකු මෙම පුණ්‍ය වැඩසටහන සදහා සහභාගී විය.