Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:02:44 Hours

61 පාබල සේනාංකයේ භටපිරිස් "තෘප්තිමත් සහ නිර්භිත හමුදාවක්" යන මැයෙන් දේශනයකට සහභාගී වෙයි

ආරක්‍ෂක සේනා (බටහිර) වෙ අයත් 61 පාබල සේනාංකය යටතේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයින් "තෘප්තිමත් සහ නිර්භිත හමුදාවක්" යන මාතෘකාව යටතේ 2023 පෙබරවාරි මස 22 දින බුස්ස පිහිටි ශ්‍රි ලංකා පාබල හමුදා පුහුණු පාසලේදි පැවැත්වු අතර, ඒ සදහා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරී 1 ලුතිනන් කර්නල් ආර් එම් එච් පී කේ රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරි, මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ රණවිරුවා සගරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිතන් කර්නල් ඊ ඒ ඒ එස් චමින්ද ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 2 (බුද්ධි) මේජර් එච් එම් එස් එච් බණ්ඩාර ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මෙම දේශණය පවත්වන ලදි.

61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යේෂ්ඨ නිලධාරිගේ මග පෙන්විම යටතේ 61 වන පාබල සේනාංකය විසින් මෙම දේශන වැඩමුළුව සංවිධානය කර ඇත. මෙම දේශනය පුරාවට මනෝවිද්‍යාත්මක පෞරුෂය, නිර්භීත හමුදාවක් ගොඩනැගීම, ශ්‍රේෂ්ඨ සොල්දාදුවෙකු වන්නේ කෙසේද, ශ්‍රී ලංකාවේ යුද බිමේ ඉතිහාසය ආදී වැදගත් කරුණු පිළිබදව සාකච්ඡා කරන ලදි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යේෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති ඇතුළු නිළධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයින් 285 දෙනෙකු මෙම වැඩසටහන සඳහා සහභාගී විය.