Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 13:01:07 Hours

පානදුර ගගුල සිරි පරම විසුද්ධාරාම මහා විහාරස්ථ ශ්‍රී ඥාන විමල ධර්මපාඨශාලාවේ ශිෂ්‍ය නායකයින්හට නිල ලාංජන 14 පාබල සේනාංකාධිපති විසින් පලදවයි

පානදුර ගගුල සිරි පරම විසුද්ධාරාම මහා විහාරස්ථ ශ්‍රී ඥාන විමල ධර්මපාඨශාලාවෙන් ලැබුණු ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් එච්.එල්.වී.එම් ලියනගේ ආර්.ඩබ්ලිව්.පී ආර්.එස්.පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2023 පෙබරවාරි මස 19 වන දින එම විහාරස්ථාන නාරමනේ ශ්‍රි බුද්ධරක්ඛ්ත නාහිමි උපහාර ශාලාවේදි ශිෂ්‍ය නායකයින්හට නිල ලාංජන පැලදවිමේ උත්සවය සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.

සේනාංකාධිපතිතුමන් දාහම් පාසල් පරිශ්‍රය වෙත පැමිණි අවස්ථාවේදී දාහම් පාසල් සිසුන් සහ ආචාර්ය මණ්ඩලය විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

ගගුල පානදුර ශ්‍රී ඥාන විමල දහම් පාසලේ ශිෂ්‍ය නායක නායිකාවන් 60 දෙනෙකු සහ තවත් පන්ති නායකයින් 110 දෙනෙකු සදහා මෙම උත්සවයේදී සංකේතාත්මක නිල ලාංජන පැලදවිම සිදුකරන ලද අතර, අනතුරුව 14 වන පාබල සේනාංකාධිපති තුමන් විසින් නායකත්වය සහ අනාගත අභියෝග පිළිබඳව රැස්ව සිටි පිරිස දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාව සදහා මහා සංඝරත්නය මෙන්ම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරු සහ දාහම් පාසල් ආචාර්ය මණ්ඩලය සහභාගි විය.