Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:59:33 Hours

ආරක්ෂක සේනා (බටහිර) වෙත අයත් භට පිරිස් හියරේ මහා විද්‍යාලයේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්‍ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 පාබල සේනාංකය වෙත අයත් 613 පාබල බලසේනාවට අයත් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භටපිරිස් විසින් 2022 පෙබරවාරි මස 16 වන දින ගාල්ල දිස්ත්‍රික්කයේ හියාරේ මහා විද්‍යාලය පිරිසිදු කිරිමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් මේජර් ‌ජෙනරාල් ඩි එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ උපදෙස් පරිදි 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහ 14 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී තුමාගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම ශ්‍රමදාන වැඩසටහන ක්‍රියාත්මක කර ඇත.

මෙම ශ්‍රමදාන වැඩසටහන සදහා පාසල් සිසුන්, ගුරුවරුන් සහ දෙමාපියන් ද සහභාගී විය.