Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:57:24 Hours

611 පාබල බලසේනාව සංවිධානයෙන් අඩු ආදයම්ලාභි පවුල් සදහා මහගු සත්කාරයක්

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 පාබල සේනාංකය යටතේ පාලනය වන 611 පාබල බලසේනාව සංවිධානත්වයෙන් 8 වන ගැමුණු හේවා මගින් තලගල ශ්‍රී සිද්ධාර්ථ පදනම සහ Tan Ngak Buay & Kee Meng Lang Foundation Limited හි මුල්‍ය අනුග්‍රහය මත රත්නපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 1500 කට වියළි සලාක මළු බෙදාදිමේ වැඩසටහනක් සංවිධානය කරන ලදි.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18 න් ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක් අතරින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා වියළි සලාක මළු බෙදාදීම පසුගිය දින කිහිපය තුළ අවසන් කර ඇත.

මෙම වැඩසටහනට සමගාමීව 611 පාබල බලසේනාව සහ 8 වන ගැමුණු හේවා බලඇණිය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දැනට පදිංචිව සිටින අඩු ආදායම්ලාභී පවුල් වෙත රුපියල් 2500.00 ක් පමණ වටිනා වියළි සලාක මළු 120 ක් 2023 පෙබරවාරි මස 14 වන දින කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කරන ලදි.

මෙම වැඩසටහන සඳහා අඩු ආදාම්ලාභි පවුල් තෝරා ගැනීම ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් මත 611 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඩබ්ලිව් එම් එස් එන් එරගොඩ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ මඟපෙන්වීම යටතේ 8 වන ගැමුණු හේවා බළඇණියේ භඨපිරිස් සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහයෝගිතාවයෙන් සිදු කරන ලදි.

මෙම වැඩසටහන සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති (බටහිර) වෙනුවෙන් 61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච් එම් යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් විසින් සලාක මළු බෙදා හැරීම සිදු කරන ලද අතර, මහා සංඝරත්නයද ඊට සහභාගී වී ඇත. 8 වන ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරී, නිලධාරීන්, සෙසු නිලයින් සහ රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගිවිය.