Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

10th April 2023 12:55:03 Hours

නායකත්ව වැඩමුළුවක් පැවැත්වීම සඳහා ආරක්ෂක සේනා (බටහිර) භටපිරිස්හි සහාය

ගෝනවල - සිරිපැරකුම් ධර්ම විද්‍යාලයේ අභිනවයෙන් තේරිපත් වු පාසල් ශිෂ්‍ය නායකයින් සඳහා නායකත්වය පිළිබඳ වැඩමුළුවක් 2023 පෙබරවාරි 12 වන දින පැවැත්වු අතර, මෙම නායකත්ව වැඩමුළුව සදහා එම පාසල විසින් කරන ලද ඉල්ලිමකට අනුව 8 වන ශ්‍රී ලංකා පාබල බළඇණියට අයත් මේජර් එන් එම් ජී කේ සී නෙත්තිකුමාර ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ ශාරීරික අභ්‍යාස උපදේශකවරයෙකුගේ සහය ලබා දෙන ලදී.

ඒ අනුව උදෑසන සිසුන් ශාරීරික අභ්‍යාස සඳහා සහභාගී වූ අතර, පසුව මේජර් එන් එම් ජී කේ සී නෙත්තිකුමාර ශ්‍රිලපාහ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පවත්වන ලද "භෝජනාගාර ආචාර ධර්ම" පිළිබඳ දේශනයක් සඳහා සහභාගී විය.

තවද, 141 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ සහ ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්එස්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් සහ 14 පාබල සේනාංකයේ සේනාංකාධීපති මේජර් ජෙනරාල් ජේ ඒම් ආර් ඒන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පි ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය භට පිරිස් සහය ලබාදී ඇත.

මෙම වැඩමුළුව සඳහා අලුතින් තේරිපත් වූ පාසල් ශිෂ්‍ය නායකයින් 40 දෙනෙකු සහභාගී විය.