Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

09th February 2023 19:02:29 Hours

වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් දායක විය

75 වන නිදහස් දින සැමරුමට සමගාමීව 2023 පෙබරවාරි 8 වන දින ආරක්ෂක සේනා (බටහිර) යටතේ පාලනය වන 61 වන පාබල සේනාංකයට අයත් 613 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් මාතර තානායම සහ බ්‍රවුන්ස් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සඳහා තම දායකත්වය ලබාදුන් අතර, මේ සදහා රුහුණු විශ්වවිද්‍යාලය, වාරිමාර්ග දෙපාර්තුමේන්තුව, මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය සහ මාතර මහ නගර සභාවේ සහයෝගය ලබාදී ඇත.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ‌ජෙනරල් ඩී ඒමි කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමාගේ උපදෙස් මත සහ 61 මේජර් ජෙනරාල් එච්එම්යු හේරත් ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පී එච්ඩිඑම්සී පිඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ මඟ පෙන්වීම යටතේ 613 පාබල බලසේනාවේ බලසේනාධීපති තුමන් සහ 3 (සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිලධාරි පුර්ණ අධීක්‍ෂණය යටතේ භට පිරිස් මෙම වෙරළ පිරිසිදු කිරීම සදහා දායකත්වය ලබා දෙන ලදී.