Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

07th February 2023 18:20:21 Hours

613 පාබල බලසේනාව තවත් උතුම් කර්ත්‍යවයක් සමගින් 12 වන සංවත්සරය සමරයි

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 වන පාබල සේනාංකය යටතේ පාලනය වන 613 පාබල බලසේනාව 2011 ජනවාරි මස 20 වන දින ආරම්භ කරන ලද අතර 2023 ජනවාරි 20 වන දිනට එහි 12 වන සංවත්සරය යෙදී තිබු බැවින් එයට සමගාමිව බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ වි අයි එල් ජයවීර යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන්ගේ පුර්ණ අධීක්ෂණය යටතේ වැඩසටහන් මාලාවක් පවත්වා ඇත.

ඒ අනුව, සංවත්සර දිනට සමගාමීව 613 පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන්ගේ ප්‍රධානත්වයෙන් 2023 ජනවාරි මස 19 වන දින මාතර ‘නෙත් නැණ’ ළමා නිවාසයේදි දිවා ආහාරය සහ දරුවන් වෙත ත්‍යාග ලබාදිමේ උතුම් වැඩසටහනක් සංවිධානය කර තිබු අතර, මෙහිදි ළමා නිවාසයේ ළමුන්ද විසින් විවිධ වු විනෝදාස්වාදජනක වැඩසටහන් කිහිපයක් ද මෙම වැඩසටහන සදහා ඉදිරිපත් කරන ලදි.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපතිතුමන් සහ 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ළමා නිවාසයේ කාර්ය මණ්ඩලය මෙම වැඩසටහන සදහා සහභාගී වූහ.