Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th February 2023 15:26:21 Hours

ලුතිතන් කර්නල් ඒ ජි එස් ඒ කුමාර ශ්‍රිලංජාආබමු ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කර්නල් නිලයට උසස්විම් ලබයි

පෙබරවාරි මස 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සංවත්සරයට සමගාමීව ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ නිර්දේශය හා සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ අනුමැතිය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බලසේනාවන්හී නිලධාරින් 208 දෙනෙකු සහ සෙසුනිලයන් 9919 දෙනෙකු වෙත නිල උසස්වීම් හිමිගන්වනු ලැබීය.

ඒ අනුව ආරක්‍ෂක සේනා මුලස්ථානය (බටහිර) රාජකාරි නියුතු සිවිල් සමිබන්ධිකරණ නිලධාරි ලුතිතන් කර්නල් ඒ ජි එස් ඒ කුමාර ශ්‍රිලංජාආබමු (නි/3862) ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් කර්නල් නිලයට උසස්විම් ලැබුවේය.

ආරක්‍ෂක සේනා (බටහිර) ආඥාපති තුමන් මෙන්ම මෙම ආරක්ෂක සේනා මුලස්ථානයේ රාජකාරි නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් නව උසස්වීම් ලැබූ කර්නල් ඒ ජි එස් ඒ කුමාර ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් හට තම සුබ පැතුම් එක් කළහ.