Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

06th February 2023 14:42:17 Hours

ලෝක තෙත්බිමි සැමරුමට ආරක්ෂක සේනා (බටහිර) වෙතින් දායකත්වය

2023 ලෝක තෙත්බිමි සැමරුමට සමගාමිව කිරල කැළය වනජිවි අභය භූමි කලාපය තුල ඇකේෂියා සහ අනෙකුත් අක්‍රමණ ශිලි ශාක සම්පුර්ණයෙන්ම ඉවත් කිරිමේ වැඩසටහනක් මධ්‍යම පරිසර ආධිකාරිය සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමිබන්ධිකරණයෙන් 2023.02.02 දින පැවැත්විමට කටයුතු කරන ලදි.

මෙම වැඩසටහන සදහා මධ්‍යම පරිසර ආධිකාරිය සහ මාතර දිස්ත්‍රික් ලේකමි කාර්යාලයේ ඉල්ලිම පරිදි, ආරක්ෂක සේනා බටහිර ආඥාපතිතුමාගේ අනුමැතිය මත සහ 613 බළසේනාධිපති තුමාගේ මෙන්ම 3 (සෙවි) ගැමුණු හේවා බළඇණියේ අණදෙන නිලධාරි තුමාගේ පුර්ණ අධික්ෂණය යටතේ යුද්ධ හමුදා සෙබළුන් කණ්ඩායමක් දැව හෙලිම, දැව ඉවත් කිරිම හා ශ්‍රමදාන පැවැත්විමට තම සහාය ලබාදෙන ලදි.

තවද, මේ සදහා රාජ්‍ය ආයතන, ප්‍රදේශවාසි සහ රුහුණු විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් ද සහයෝගය ලබාදෙන ලදි.