Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

02nd February 2023 09:02:32 Hours

භට පිරිස් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරයි

ආරක්ෂක සේනා (බටහිර) ට අයත් 61 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 613 පාබල බලසේනාවට අයත් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් භටපිරිස් විසින් 2023 ජනවාරි මස 28 වන දින ගාල්ල දෙවට වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් සිදු කරන කරන ලදී.

ආරක්ෂක සේනා (බටහිර) ආඥාපතිතුමාගේ උපදෙස් 61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති තුමන්ගේ මග පෙන්විම යටතේ 613 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියට අයත් නිලධාරියෙකු සහ 40 ක පමණ භටපිරිසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන පවත්වා ඇත.

2023 වසර සඳහා වූ වැඩසටහන් මාලාවට සමගාමීව 14 (සෙව්) ගැමුණු හේවා බළඇණියේ දෙවැනි අණදෙන නිලධාරිගේ පුර්ණ අධීක්ෂණය යටතේ මෙම වැඩසටහන සිදුකරන ලදි.