Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

19th January 2023 15:47:38 Hours

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් තුනක් සඳහා ආරක්ෂක සේනා (බටහිර) සෙබළුන් වෙතින් පෝෂදායි දිවා ආහාර වේලක්

ආරක්ෂක සේනා (බටහිර) යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 143 වන පාබල බලසේනාව යටතේ පාලනය වන 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ තෝරාගත් පාසල් 3 ක සිසුන් සඳහා 2023 ජනවාරි 18 වන දින පාසල් පරිශ්‍රයේදී වෙන් වෙන් වශයෙන් පෝෂදායි දිවා භෝජන සංග්‍රහයක් ලබාදෙන ලදී.

ආරක්ෂක සේනා (බටහිර) බල ප්‍රදේශයේ සිවිල් ජනතාව හා යුද්ධ හමුදාව අතර සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් සියඹලාව ශ්‍රී සෝභිත ප්‍රාථමික විද්‍යාලය, තඹරාව ප්‍රාථමික විද්‍යාලය සහ ගල්ලේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසුන් 60 දෙනෙකු සඳහා මෙම දිවා භෝජන සංග්‍රහය ලබාදෙන ලදි.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ එම් ආර් එන් කේ ජයමාන්න ආර්ඩබ්ලිව්පී සමඟ එක්ව කාර්යය සාර්ථක කර ගැනිම සදහා අවශ්‍ය මගපෙන්වීම ලබාදි ඇත.

143 පාබල බලසේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් ටී එම් එෆ් කිචිලන් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සහ 1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී ගේ සමීප අධීක්ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සියලු කටයුතු සම්බන්ධීකරණය කරන ලදී.