Security Forces Headquarters (West)

Header Sinhala

ආරක්ෂක සේනා මූලස්ථානය
(බටහිර)

12th January 2023 18:45:50 Hours

ආරක්ෂක සේනා (බටහිර) භට පිරිස් වර්ජනය ක්‍රියාත්මකවු රෝහල්වල් දෛනික කටයුතු පවත්වාගෙන යාම සදහා සහය දක්වයි

ආරක්ෂක සේනා (බටහිර) බලප්‍රදේශයේ පිහිටි 143 පාබල බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවට අයත් භටපිරිස් කුරුණෑගල ශික්ෂණ රෝහලේ 2023.01.09 දින වැඩවර්ජනයක නිරත හෙද සහයක සහ සුළු කාර්ය මණ්ඩල ලිපිකරු සෞඛ්‍ය සේවා නිසි පරිදි ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය සහය රෝහල් බලධාරින්ගේ ඉල්ලිම පරිදි ලබාදෙන ලදි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එච් එල් වී එම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ උපදෙස් පරිදි ආරක්ෂක සේනා (බටහිර) ආඥාපති මේජර් ජෙනරාල් ඩී එම් කේ ඩී බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ලබාදෙන ලද උපදෙස් පරිදි 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිවරයාට ලබාදුන් උපදෙස් අනුව යුද්ධ හමුදා භට පිරිස් යොදවා අවශ්‍ය සහය ලබාදි ඇත.

ඒ අනුව 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති තුමන් මෙන්ම 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි තුමන් විසින් මෙම භාරදුර රාජකාරින් සමීපව අධීක්ෂණය කරන ලදි.